Saturday, May 28, 2011

සොයා යමි ජීවිතය

 

සසර බන්ධන හැර දමා ලොව ....
විෂම වූ මාවතේ ...
නොමසැලි පය තබා ...
නිදහසේ සුසුමක් පතා...
පෙරදිගින් හිරු දිලෙන ...
විහග  කවි ගී ගැයෙන ...
වනමලේ රග මැවෙන ....
පවන් රොද මග කියන ...
නිවහල් කොදෙව්වට සොයා  යමි  ජීවිතය ...

Friday, May 27, 2011

කවූරුන්ද මේ එන්නේ ....



කවුරුන්ද මේ  එන්නේ ...
නෑසියන් දකින්නට ...
මනුසත්තු වාගෙයි පෙනෙන්නේ ඇතට...
හෙමි  හෙමින් මුවා වීයන් අතුපතර වියමනට ...
විශ්වාස නෑ ඔය  එන්නේ  කුමටදැයි මලු රැගෙන ...
හොරාගෙන යන්නදැයි අපේ මේ  ගස් වියන ....



අකල්හි ගිලිහිලා නොවැටෙන්න ....





දිනක නුබ උස ගසක ...
හරිත පහ පතක් වී සෙවන දුන්නා මතකයි ...
මෙදින නුබ   ඔත්පලව මියදෙන්නේද මහපොළොවට වැඩක් වී ....
ඒ පතින් හුරුව ගෙන ...
හෙට දිනයේ ...
අලුත් දළු ලියලන්න ...
අලුත්  මල් ඇහැරෙන්න ...
විශ්වයට හුස්ම ටික නුබේ ලයින් දන් දෙන්න ...
එහෙත් නුබ  ,
අකල්හි ගිලිහිලා  නොවැටෙන්න ...

අකුරු



ගලපන්න "අ" යනු "ආ" යනු ...
පබදින්න වදන් මිනි මුතු ...
නැති නමුත් පයට පාවඩ...
උඩු වියන් හිස් බැද...
මහපොළොවේ පයලන්න ...
නිල් අහස අල්ලන්න...
ඔය අකුරු නුබලාට ...
පිහිට වේවි යම් දිනක...