Sunday, July 24, 2011

ගොහොරේ පිපි මල ....

 
හිරු  සරින්  සන්හිදුනු  සියපත්  සොදුර  ...
ගොහොරක  පිපි  ලෙල  දෙන  අපුරුව ....
මෙදින ,
සොදුරු  නුබගේ  රූ  සොබාව ...
ලොව  නොදක්කද ...
දිනක  නුබ  ...
බුදු  හිමි  දෙපතුල  අරවින්දයක්ව  පිදෙන  කල ...
මුළු  ලොවම  නුබව  අගයාවී ...

Thursday, July 21, 2011

අවකාශය



වසන්තයේ  දිනක නුබ
නීල  සේලයෙන්  සැරහි ...
ලා රිවි  රැසින් මුව  දොවා ගෙන  ...
හිරු  මැණික ගෙල  පැළද ...
හරිත  දරුවන්  දකින්නට  ...
අවකාශයේ  යනෙන  කල...
ශෝබමත්  වූ  නුබේ  රුව  දැක  සිතුනි  මා හට  ....
නීල  සේලය  නුබට  කොතෙක්  හැඩ දැයි  කියා ....